ඇල්පිටිය රෝහලේ හොර දොස්තර නෝනෙක් | දිනමිණ

ඇල්පිටිය රෝහලේ හොර දොස්තර නෝනෙක්

සටහන හා ඡායාරූප බලපිටිය සමූහ දිලිප් නිශ්ශංක

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නළාවක් ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක පෙරේදා (17) සවස ඇල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ඊයේ (18) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නො. 79 සී. කඳුගොඩ, දෙල්ගොඩ ලිපිනයේ පදිංචි 27 හැවිරිදි විවාහක කාන්තාවකි.

මෙම කාන්තාව අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත් එම චෝදනාව යටතේ ම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. සැකකාරිය පෙරේදා (17) සවස 6.00ට පමණ ඇල්පිටිය මූලික රෝහලේ අංක 02 වාට්ටුවේ වෙද නළාවක් ද තබමින් රෝගීන් පරීක්ෂා කිරීමේ යෙදී සිටිය දී මෙසේ අල්ලාගෙන ඇත.

නව අදහස දක්වන්න