වළක් කපද්දී ක්ලෙමෝ බෝම්බයක් හමුවෙලා | දිනමිණ

වළක් කපද්දී ක්ලෙමෝ බෝම්බයක් හමුවෙලා

මැරුණු ගව පැටියකු වළ දැමීමට ගිය මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියකුගේ ඉඩමක වළක් හෑරීමේ දී (18) දින ක්ලෝමෝ බෝම්බයක් හමු වී ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ බෝම්බය හමු වි ඇත්තේ අංක 116, කොළණිය පාර . මනම්පිටිය ලිපිනයේ පදිංචි කේ .පී . සෞම්ය රාජා නැමැති ගොවියාගේ ඉඩමක බව පොලිසිය කියයි. ක්ලෝමෝ බෝම්බ 01ක් ක්ලෝමෝ බෝම්බ රඳවනයක් සහ ඩෙටනේටර් දෙකක් පොලිතින් කවරවල ඔතා බුලියක දමා වළ දමා තිබිය දී හමු වි ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කේ .පි . සෞම්යරාජා මහතා මෙසේ කීය. මාගේ ගවදෙනකුගේ ඊයේ පැටියා මැරුණා . මම ඒ පැටියාව වළ දාන්න මේ පාළු ඉඩමේ වළක් හාරනකොට බුලියක් හමු වුණා. එ්ක අයින් කරලා බලනකොට එක ඇතුලේ බෝම්බයක් වාගේ දෙයක් තිබුණා මම පොලිසියට කථා කරලා කිව්වා. පසුව පොලොන්නරුව පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර කළේය. මෙම ක්ලෝමෝ බෝම්බය පසුගිය යුද සමයේ සඟවා තිබු එකක් බවට පොලිසිය සැක පළ කර සිටී. උතුරුමැද පළාත් ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා සහ ‍ පළාත් භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහත්වරුන්ගේ නියෝග පරිදි පොලොන්නරුව කොටිඨාසය භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්.එම් ජරුල් මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මැදිරිගිරිය සමුහ-ඩබ්. ඒ. පියතිලක

නව අදහස දක්වන්න