වෑන් රිය පෙරළී 9කට තුවාලයි | දිනමිණ


 

වෑන් රිය පෙරළී 9කට තුවාලයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් නව දෙනකු (09) තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා හතර දෙනකු නාවලපිටිය මුලීක රෝහලට මාරු කර යවා ඇත.

හැටන් ප්‍රදේශයේ පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල නිවෙසකට ගොස් නැවත පැමිනෙමින් සිටියදී 18වන දින අලුයම් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවත් මෙම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරළීඇති බව වටවල පොලිසියේ නිලධාරියකු පැවසීය.

මේ පිළිබඳව කරන ලද විමසිමකදි වටවල රෝහලේ නිලධාරියකු පැවසුවේ මෙම තුවාලකරුවන්ගෙන් හතර දෙනකුගේ තත්වය බරපතළබැවින් එම හතරදෙනා වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි.

හැටන් මධ්‍යම වීශේෂ
ඡායාරූපය -මස්කෙළිය සමූහ

නව අදහස දක්වන්න