මහියංගණයේ මාරක අනතුර: වෑන් රියැදුරා උසස් පෙළ සිසුවෙක් | දිනමිණ

මහියංගණයේ මාරක අනතුර: වෑන් රියැදුරා උසස් පෙළ සිසුවෙක්

විජයානි එදිරිසිංහ
නිමල් රාජපක්ෂ

වෑන්රථයේ රියැදුරා උසස් පෙළ සිසුවෙක්

බලපත්‍රය අරන් මාස දෙකයි

දසදෙනකුට මරු කැඳවූ මහියංගණ මාරක රිය අනතුරේ වෑන් රථය පැදවූ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුවකු බව අනාවරණ වෙයි.

ඔහු රියැදුරු බලපත්‍රය ලබාගෙන මාස හයක්වත් ගත වී නැති බවද පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ජාතික හැඳුනුම්පත් අංක 200100202172 v දරණ එම තරුණයා සිය රියදුරුබලපත්‍රය ලබා ගෙන ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරය. මෙතරම් අඩු බාලවයස් කාර තරුණයකු රියැදුරු බලපත්‍රය ලබාගෙන ඉතා සුළු කාලයකින් කිලෝමීටර් දෙතුන් සියයක දුර ගමනක යෙදවීම රථයේ ගමන් ගත් වැඩිහිටියන් කර ඇති බරපතළ වරදක් බවද පොලීසිය කියයි.


බස්රථ රියැදුරුගේ කොමිසම් හැඳුනුම්පත අත්හිටුවයි

මහියංගණයේ දී සිදුවූ මාරක රිය අනතුරේ පෞද්ගලික බස්රථය පැදවූ රියැදුරුට ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගින් නිකුත් කළ රියැදුරු හැදුනුම්පත අත්හිටවා ඇත.

NC-4798 දරණ බස්රථයේ රියැදුරු සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය පවත්වන පරීක්ෂණයට අමතරව ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගින් ද පරීක්ෂණයක් පවත්වන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පැවසීය.


නව අදහස දක්වන්න