මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30යි | දිනමිණ

මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30යි

ජයසිරි මුණසිංහ

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් හෙට (20) සහ අනිද්දා (21) මාතර දී උත්සව මාලාවක් පැවැත්වේ.

මංගල සමරවීර මහතා ගේ දේශපාලන ගමන හා මාතර පුනරුදයේ කථාව ඇතුළත් කොට 'දශක තුනක මාතර කථාව' මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් හෙට (20) උදේ 9.00ට නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ප්‍රවීණ මාධ්‍යාවේදී නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචිත 'මංගල සමරවීර' කෘතිය අනිද්දා (21) සවස 3.00ට මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදකියි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙහිදී විශේෂ දේශනයක් පවත්වයි. මෙම අවස්ථාවට ආගමික, දේශපාලන, සමාජ, ආර්ථික, කලා ක්ෂේත්‍රවල විද්වත්හු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

නව අදහස දක්වන්න