දින 4කදී ලංගම ආදායම මිලියන 400ක් | දිනමිණ

දින 4කදී ලංගම ආදායම මිලියන 400ක්

නිමල් රාජපක්ෂ

අවුරුදු සමය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ මේ මස 8 වැනි දා සිට 11 වැනි දා දක්වා ධාවනයට එක් කොට රුපියල් මිලියන 400 ක් අදායමක් උපයා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරාය මෙම අදහස් පළ කෙළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසීය.

අදාළ කාලසීමාව තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය ධාවනය කරන බස්රථ වලට අමතරව බස්රථ ගමන්වාර 1350 ක් ධාවනයට එක් කොට තිබේ. සීමාව මඟින් විශාල පිරිසක් ගමන් කැර ඇත්තේ හැටන් ,බදුල්ල ,මොනරාගල හා අම්පාර යන ප්‍රදේශ වලටය.මෙහිදී කාලසටහට අමතරව මගීන් සිටින පළාත් වලට අවශ්‍ය අයුරින් බස්රථ යොදයා ඇතැයිද පැවසුවේය.

මීට අමතරව ජාතික ගමනා ගමන කොමිසන් සභාවට අයත් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ2600 පිටකොටුවෙන් ද, මාකුඹුරෙන් බස්රථ 450 පමණද ධාවයට යොදවා තිබුණි. අවුරුදු සමයේ ගම්බිබ් බලා යන ජනතාවට ගමන් සහසුව සැපයු අයුරින් ආපසු කොළඹට ඒමට මේ ආකාරයටම 19 ,20 ,21 ,22 යන දිනවලත් ක්‍රියාවට නංවා ඇත. පිටපළාත්වල සිටින ජනතාවට කොළඹට ගෙන්වා ගැනීමට දුම්රිය දෙපාර්තුමේන්තුව ,ජාතික ගමනාගමන කොමිසන් සභාව හා ලංකා ගමනා ගමන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කෙරේ.

අදාළ ආයතන තුන එක්ව කටයුතු කලහොත් මගී ජනතාවට මගී ජනතාවට අඩු පීඩනයකින් කොළඹට ඒමට හැකිවන අතර මගි ජනතාව කොළඹට ඒමේදී විශාල තදබදයක් ඇතිවන බැවින් කඩුවෙල ,අතුරුගිරිය ,කහතුඩුව යන ස්ථානවලින් කොළඹ ඇතුලට ගෙන ඒමේ වැඩ සටහනක් දියක් කොට ඇතැයිද අර්ජුන රණතුංග මහතා පවසයි.

 

නව අදහස දක්වන්න