ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ එන්න අතිරේක දුම්රිය 11ක් | දිනමිණ

ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ එන්න අතිරේක දුම්රිය 11ක්

නිමල් රාජපක්ෂ
නිමල් රාජපක්ෂ

සිංහල අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු කොළඹට ඒම සඳහා හෙට(20) සිට 22 වැනි දා දක්වා අතිරේක දුම්රිය 11ක් ධාවනය ට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කෙලේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය .

මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසීය.

ලංකාවේ ප්‍රථම වතාවට අඩු පීඩනයකින් මහජනතාවට සිංහල අවුරුදු සමයේ ගම්බිම් බලා ගමන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුව,ලංකා ගමනා ගමන මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිසන් සභාව එකට එක්ව කටයුතු කළා .එහි ප්‍රථිපලයක් ලෙස මගී ජනතාව කිසිදු ප්‍රමාදයකින් තොරව ගම්බිම් බලා ගමන් කිරීමට හැකිවුවා. ඒ ආකාරයටම ගම්බිම් බලා ගමන් කළ මගීන් ආපසු කොළඹට ගෙන ඒම සඳහාත් එම් ආයතන තුන එකට එක් වී කටයුතු කිරීම නිසා ජනාතාවට කිසිදු පීඩනයකින් තොරව ගමන් කළ හැකිවෙනු ඇත.

ගම්බිම් බලා ගිය ජනතාව ආපසු ගෙන්වීම සඳහා අප්‍රියෙල් 20 වැනි දින මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.00 ගමන් අරඹන දුම්රිය සිට මාතරට දුම්රිය ස්ථානයට දහවල් 1.15 ටත් ,මාතර දුම්රිය ස්ථානටත්, මාතර දුම්රිය ස්ථානයෙන් සවස 3.00 ගමන් අරඹන දුම්රිය පස්වරු 6.30 මරදාන දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.

අප්‍රියෙල් 21 වැනි දින මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 6.55 ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 10.00 ට මාතර දුම්රිය ස්ථානයටත්,කොළඹ කොටුවෙන් රාත්‍රී 7.00 ට ගමන් අරඹන දුම්රිය දුම්රිය පසුදින උදෑසන 5.10 ට බදුල්ලටත්,බදුල්ලෙන් රාත්‍රී 7.30 ගමන් අරඹන දුම්රිය පසුදින අලුයම 5.35 ට කොළඹ කොටුවටත්,කොළඹ කොටුවෙන් පස්වරු 6.00 ගමන් අරඹන දුම්රිය රාත්‍රී 12.50 ට කන්කසන්තුරයටත්,කන්කසන්තුරයෙන් රාත්‍රී 7.15 ට ගමන් අරඹන දුම්රිය අලුයම 2.25 ට කොළඹ කොටුවටත්,මරදාන දුම්රිය ස්ථානයෙන් උදෑසන 9.00 ට ගමන් අරඹන දුම්රිය දවල් 12.45 ට බෙලිඅත්තටත්,බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.15 ගමන් අරඹන දුම්රිය පස්වරු 7.00 ට රඹුක්කන දුම්රිය ස්ථානය දක්වාත් ,එදිනට පමණක් දුම්රිය හතක් ධාවනය කෙරේ.

22 වැනි දින උදේ පාන්දර 5.45 ට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය උදෑසන 8.40 ට මරදාන දුම්රිය ස්ථානයටත් ,නුවර දුම්රිය ස්ථානයෙන් අලුයම 4.35 ට ගමන් අරඹන දුම්රිය කොළඹ කොටුවට උදෑසක 7.20 ට ළඟා වන අතර මේ සියළු දුම්රියයන් ධාවනය කරනුයේ වෙන දා ධාවනය වන දුම්රියයන් වලට අමතරව බවද අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති අසෝක් අබේසිංහ ,ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එල්.කේ.ජයම්පති,ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ,ජාතික ගමනා ගමන් කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි,දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.


බෙලිඅත්ත-කන්කසන්තුරය දුම්රියක් ළඟදීම ගමන් අරඹනවා

ඉදිරියේදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා ද්විත්ව බලවේග කට්ටලයකින් සමන්විත නගරනාන්තර දුම්රියයක් ධාවනය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ පෙරේදා (17) පමණක් රුපියල් පන්ලක්ෂ හතළිස් දෙදහස් හත්සිය දහහතක(5,42,717)ප්‍රවේශපත්‍ර ආදායක් ලබා තීබිම හේතුවෙනි. පසුගිය 8 වැනි දින බෙලිඅත්ත දුම්රිය ස්ථානය විවෘත කළ දිනයේ රුපියල් 1945 ක් ප්‍රවේශ පත්‍ර ආදායමක් ලැබුවද දකුණු පළාතේ මගී ජනතාව දිනෙන් දින දුම්රියේ ගමන් කිරීමට විශාල රුචියක් දක්වා තිබේ.දකුණු පළාතේ මගී ජනතාවට දුම්රිය සේවයේ පළනෙලා ගැනීමට නම් ඔවුන්ට හොඳ ප්‍රවාහන සේවයක් සැපයිය යුතු වෙයි. එම නිසා ඉදිරියේදී ප්‍රථම අදියරේ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත්,දෙවැනි අදියරේ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වාත් ,තුන්වැනි අධියරේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දක්වාත් නගරාන්තර දුම්රිය ධාවනයට එක්කරන බවද පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ,ඉදිරියේදී උත්තර දේවී දුම්රිය සඳහාත්, ගාලු කුමාරි දුම්රිය සඳහාත්,මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය සඳහාත් ද්විත්ව බලවේග කට්ටල දුම්රියයන් යොදවන බවයි. මෙම ද්විත්ව බලවේග කට්ටල සෑම එකකම වායු සමනය කළ මැදිරි තිබෙන අතර උඩරට මාර්ගය සඳහා යොදවන ද්විත්ව බලවේග කට්ටල දුම්රියේ වායු සමනය කළ මැදිරි තුනක් තිබෙන අතර මඟින් 104 දෙනකුට ගමන් කළ හැකිවීම විශේෂත්වයකි. චීනයෙන් බලවේග කට්ටල නවයක් හා ඉන්දියාවෙන් ද්විත්ව බලවේග කට්ටල දුම්රියයක් ලබන ජුනි මාසය වනවිට ලැබීමට නියමිතයි.එම ද්විත්ව බලවේග කට්ටල ලැබුණු විගස මෙම සේවාවන් දියත් කරන බවද ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.


නව අදහස දක්වන්න