විදේශ මත්පැන් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට | දිනමිණ

විදේශ මත්පැන් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

නිමල් රාජපක්ෂ

නුුවරඑළිය වසන්ත සමයේ (අවුරුදු සමයේ) සංචාරක හෝටල්වලට බෙදා හැරීම සඳහා ලොරි රථයකින් රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු නුවරඑළිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් බෝතල් 70ක් තිබූ බව නුවරඑළිය සුරාබදු ස්ථානාධිපති ටී.එම්.බී.තිලකරත්න මහතා පවසයි.

විදේශීය මත්පැන් බෝතල් අතර රුපියල් 58000/-ක් වටිනා විදේශීය බැන්ඩි බෝතල් ද තිබූ බව තිලකරත්න මහතා පැවැසීය.

වැඩි මිලට මත්පැන් අලෙවි කරන හෝටල් හා රටබීම හල් පිළිබඳ දැඩි පරික්ෂාවට ලක් කිරීමට සුරාබදු නිලධාරීන් දැඩි විමසිල්ලෙන් සිටියදී මත්පැන් පැටවූ ලොරිය කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා විදේශීය මත්පැන් තොගය ඉදිරියේ දී නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

මධ්‍යම පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් ශාන්ත දේව මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී රොහාන් විජේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, නුවරඑළිය සුරාබදු ස්ථානාධිපති ටී.එම්.බී .තිලකරත්නගේ මෙහෙයවීම යටතේ, සුරාබදු පරීක්ෂකවරුන් වන ජයවර්ධන, විජිත, රංගන, සැරයන් ගුණසේකර, නියාමකවරුන් වන සමරකෝන්, ඒකනායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

 

නව අදහස දක්වන්න