අධික ශබ්ද සහිත වාහන නළාවලට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළට සාර්ථක ප්‍රතිඵල ලැබුණා | දිනමිණ

අධික ශබ්ද සහිත වාහන නළාවලට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළට සාර්ථක ප්‍රතිඵල ලැබුණා

අද වනවිට ශබ්ද දූෂණය ශ්‍රී ලංකාවේ ප්‍රබල පාරිසක ගැටලුවක් බවට පත්වෙලා.අධික සබ්ද සහිත වාහන නලා වලට එරෙහිව ගෙන ගිය වැඩ පිළිවෙල මාසයක වගේ කාලයක් තුළ ඉහළ ප්‍රතිඵල ළගාකරගත හැකිවුණා.යැයි නිහඩතාවයේ හඬ සංවිධානයේසංවිධායක දුලාන් හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි . මෙය පිළිබඳ තවදුරටත් කරණු දක්වමින් ඹහු මේසේද පැවසිය.

ලංකාවේ 75% වඩා සාක්ෂරතාව තිබුණත් මර්ග නීති හා මාර්ග සදාචාරය ගැන ඇත්තෙ ඉතා පහත් තත්ත්වයකි ... මාර්ග නීති තබ සතයකට මායිම් නොකරන නොහික්මුන රියදුරන් නිසා දිනකට මිනිස් ජිවිත කියක්නම් අහිමි වනවාද??? මීට අමතරව අප රටේ පාසැල් රොහල් කාර්යාල කොතනුක් මග දෙපස පිහිටා තිබුණද එය තඹ සතයකට මායිම් නොකරන සමහරක් රියදුරන් අධි සංඛ්‍යාත සහිත නළා නාද කරන අතර එමගින් මහජනතාවට වන්නේ දැඩි පීඩාවකි... මේ පිළිබඳ සලකා බැලු අප ආරකෂක අමාත්‍යංශය , ශ්‍රී ලංකා පොලිසිය පරිසර අධිකාරිය සම්බන්ධ කර ගනිමින් අධි සංඛ්‍යාත නලා නාද කරන වාහන වටලා අධිකරණ හමුවට ගෙන ඒමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් voice for silence( නිහඩතාවයේ හඬ) නමින් ඇරබිය ... මෙයට සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමිවී ඇත මෙම වැඩසටහන මගින් විනයගරැක සාමකාමී රියදුන් බිහි කිරිමත් එමගින් අප රට පිළිබද අන්‍යජාතීන්ගේ ඇති දුර්මත තුරන් කිරීමත් අපේෂා කරනවා.. මෙවැනි අධි සංඛ්‍යාත නලා නාද කිරිම රටේ සංචාරක කර්මාන්තයටද ඉතා දැඩි බලපෑමක් ඇතිකර කර තිබෙනවා...

ශබ්ද දූෂණයෙන් තොර නිදහස් පරිසරයක ජීවත්වීමේ අයිතිය මේ රටේ සියලු පුරවැසියන්ට ලබාදීම වෙනුවෙන්අප දීප ව්‍යාප්තව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

නාගරික වශයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බස්රථ රියදුරන් හා කොන්දොස්තර මහත්වරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, පුළුල් තිර ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා අද වනවිට ශබ්ද දූෂණය ශ්‍රී ලංකාවේ ප්‍රබල පාරිසක ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

මිනිසුන්ගේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමේ දී මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි ශබ්දය හේතුවෙන් එය බිඳ වැටෙනවා

මේ වැඩසටහන අපි වෙනත් ව්‍යාපෘති වගේ නෙවෙයි ඉතා ප්‍රයෝගික තලයක සිටයි ක්‍රියාත්මක කරන්නේ ... මහජන සහභාගිත්වය මෙහි මූලිකම අංගයක් එම නිසයි මාසයක වගේ කාලයක් තුළ ඉහළ ප්‍රතිඵල ළගාකරගත හැකිවුණා...ඩෙසිබල් පරිමාණයන් අදාළව නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා... 2011 අංක 1738/37 අතිවිශේෂ ගැසට් පත්‍රයට අදාළව ඩෙසිබල්( db)105 වඩා වැඩි නාද නිකුත් කිරීම දඩුවම් ලැබියහැකි වරදක්...එම නිසා එය මහජන තොරතුරැ ඔස්සේ පොලිස් හදිසි වැටලීම් හරහා අල්ලාගෙන නීතිය ඉදිරයට ගෙන එනවා.මෙයට අමතරව මෙම හෝන් ආනනයට සීමා ගෙන ඒමත් ආනයන අපනයන පාලක හා ශ්‍රී ලංකා රේගුව හරහා මෙවැනි අධි සංඛ්‍යාත හෝන් ආනයනට පාලනයත් දැඩි ලෙස නීතිය ක්‍රියත්තම කිරීමත්දැන් ක්‍රියාත්මයි... ඔබටත් මෙවැනි අත්දැකීම ඇත්නම් ළගම ඇති පොලීසියට හෝ මධ්‍යම පරිසර අධිකාරියට හෝ අපට දන්වන්න නිදහස් සාමකාමී විනයගරැක රටක් තුළින් තිරසර සංවර්ධිත රටක් බිහි කිරීම තරුණයන් ලෙස අපගේ පරම වගකීමයි...


නව අදහස දක්වන්න