රාගම තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පාකිස්තානයෙන් මිලියන ගණනක පරිත්‍යාග | දිනමිණ

රාගම තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පාකිස්තානයෙන් මිලියන ගණනක පරිත්‍යාග

තැලසීමියා රෝගය පිළිබඳව පුරවැසියන් අතර දැනුවත් කිරීමටත් සහ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කිරීම සඳහා මඟ පෙන්වීමටත් අධ්‍යාපනඥයන් මේ අවස්ථාවේදී ඉදිරිපත්වීම අත්‍යවශ්‍ය බව පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා පැවසීය.

රාගම යෞවන හා වැඩිහිටි තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා මිලියන 0.7 ක භාණ්ඩ පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී මහ කොමසාරිස්වරයා මෙසේ පැවසීය. මේ උත්සවය පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ දී පෙරේදා (17) සිදු කෙරිණි.

එම අවස්ථාවේ දී මහ කොමසාරිස්වරයා මෙසේ පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවල්වල බෝවෙන රෝග පාලනය කිරීම මගින් ළමා මරණ අනුපාතය අඩු කිරීම සඳහා කැපී පෙනෙන සාර්ථකත්වයක් හේතුවෙන්, දකුණු ආසියානු කලාපයේ ඉදිරි දශක කිහිපයේ තැලසීමියා රෝගීන් ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වීමට ඉඩ තිබේ. මහජනතාව දැනුවත් කිරීම මගින් මේ ගැටලුව විසඳීමට හැකි වේ.‍ රාගම යෞවන හා වැඩිහිටි තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කැපවීමෙන් කටයුතු කරන පරිපාලනය මෙහි දී මහ කොමසාරිස්වරයා අගය කළේය.

නව අදහස දක්වන්න