කළුගලේ විසිතුරු නිමැවුම් විසිත්ත කාමරයට ගෙනෙන බුලත්සිංහල ප්‍රියදර්ශන | දිනමිණ

කළුගලේ විසිතුරු නිමැවුම් විසිත්ත කාමරයට ගෙනෙන බුලත්සිංහල ප්‍රියදර්ශන

කටුවෙන් - මිටියෙන් කළු ගලට පණ දුන් අතීත ගල් වඩුවාගේ කාර්යභාරයට නවීන තාක්ෂණය එක් කරමින් විසිතුරු කළුගල් නිර්මාණ කරන බුලත්සිංහල ගල්කැටිවිල ඩී.ඩී. ප්‍රියදර්ශන වත්මන් තරුණ පරපුරට ආදර්ශයක් ලබා දෙයි.

දකුණු පළාතේ බද්දේගම උපන් ප්‍රියදර්ශන කළුගලට පෙම්බැඳ විසිතුරු නිමැවුම් සිදු කළ හැකි කළුගල් සොයාගෙන බුලත්සිංහල ගල්කැටිවිල සිය වාසභූමිය කරගෙන ඇත. තරුණයන් කීප දෙනෙකුට රැකියා ලබාදී ජීවිතය ජයගන්නට වෙර දරන ප්‍රියදර්ශන සාම්ප්‍රදායික ගල් වංගෙඩියටත්, මිරිස් ගලටත් සීමා වී තිබූ කළුගල් නිමැවුම් විසිත්ත කාමරයට ද රැගෙන විත් තිබේ.

කළුගල් ටයිල්, කළුගල් විසිතුරු භාණ්ඩ, කළුගල් බිත්ති ටයිල්, මල් බඳුන්, වතුර මල්, වතුර බේසම්, කැටයම් ගල්, කැටයම් නිර්මාණ, තාප්ප ගල්, විදුලි ලාම්පු, නාන කාමර කට්ටල, පේකඩ ආදී නිර්මාණ රැසක් කළුගලින් නිමවීමට ප්‍රියදර්ශන ඇතුළු පිරිස සමත්ය.

දිවයිනේ විවිධ පළාත්වලට ආවේණික කළුගල් ගෙනවිත් ඒ ඒ ප්‍රදේශවලින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය නිර්මාණ කරදීමට ඔවුහු කටයුතු කරති. වසර අටක් තිස්සේ කළුගල් සමඟ සටන් කරන ප්‍රියදර්ශනගේ මේ ව්‍යාපාරයට රජය අත දෙන්නේ නම් විශාල පිරිසකට රැකියා ලබාදීමට හැකි බවත් එය රට පුරා ව්‍යාප්ත කළ හැකි බවත් ප්‍රියදර්ශන කියයි.

හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය තිබෙනවා. නමුත් කළුගල් ලබා ගැනීමේදී විශාල පරිමාණ කළුගල් වැඩපොළ සඳහා අය කරන විශාල මුදලක් අපට දරාගන්න බැහැ. පතල් හා භූ විද්‍යා, මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකින් අවසර ලබාගෙන සිදු කරන මේ ව්‍යාපෘතිය පිළිබඳ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීමෙන් කළුගල් විසිතුරු නිමැවුම් ව්‍යාපෘතිය ගල්වෙන බව ප්‍රියදර්ශන මහතා කියයි.

මීගහතැන්න සමූහ

 


නව අදහස දක්වන්න