අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යටියන්තොට දී අත්අඩංගුවට | දිනමිණ

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යටියන්තොට දී අත්අඩංගුවට

යටියන්තොට පොලීසියේ රථවාහන අංශය විසින් පෙරේදා(17) මධ්‍යම රාත්‍රියේ යටියන්තොට දී සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කළ අතර එහි තිබූ අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ක් හා 32ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

රාත්‍රී 12 ට පමණ පෞද්ගලික බැංකුවක් අසල ගැවසෙමින් සිටි සැකකරුවන් හා ත්‍රීරෝද රථය පරික්ෂා කළ පොලීසිය ඔවුන් ළඟ තිබූ අයිස් නැමති මත්ද්‍රව්‍ය පැකට් 10 ක්ද බැංකු කාඩ් පත් 06 ක් ජංගම දුරකථන 04 ක් මුදලින් රුපියල් 37170 ක් ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.පී.කේ. චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.කේ.ආර්. වලල්ලාවිට පොලිස් සැරයන් 30973 එච්.ආර්.ඩබ්ලිව්.ධර්මසිරි යන නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර ඇත.

යටියන්තොට
සමන් එස්. රත්නායක

 


නව අදහස දක්වන්න