අපි බලය ගත්තේ ජන­තා­වගේ මුදල් ගසා කන්න නොවෙයි | දිනමිණ

අපි බලය ගත්තේ ජන­තා­වගේ මුදල් ගසා කන්න නොවෙයි

අපි අධි­ක­ර­ණය ස්වාධීන කර තියෙ­නවා. ඒක කාටත් එකයි. අද අපි අධි­ක­ර­ණය ගැන බලා ඉන්නේ ස්වාධී­න­ව­යැයි අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ ඇමැති තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සු­වාය.

ඇමැ­තිනී නීතිඥ තලතා අතු­කෝ­රළ මහ­ත්මිය මේ අද­හස් පළ කළේ ජල­ස­ම්පා­දන හා සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ රුපි­යල් ලක්ෂ 778ක් විය­දම් කර­මින් වැඩ අව­සන් කළ බලං­ගොඩ උඩ­කන්ද ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මිනි.

මෙහි ප්‍රති­ලාභී පවුල් සංඛ්‍යාව 475ක් වන අතර මේ වසරේ ජූලි මස මේ ව්‍යාපෘ­තියේ වැඩ අව­සන් කිරී­මට නිය­මි­තව තිබුණ ද සිංහල සහ දමිළ අලුත් අවු­රු­ද්දට පෙර එය ජනතා අයි­ති­යට පත් කිරී­මට කට­යුතු කෙරිණි.

එහිදී තව­දු­ර­ටත් ඇමැ­ති­නිය මෙසේද සඳ­හන් කළාය.

මේ හැම සත­යක්ම ලැබු‍ණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු­වක් ඔබ බිහි­ක­රපු හින්දා. මේ වගේ ජල ව්‍යාපෘති ලබා­දීම පිළි­බ­ඳව රවුෆ් හකීම් ඇමැ­ති­තු­මාට ස්තූති­වන්ත වෙනවා. මේ වගේ ව්‍යාපෘති ගොඩක් රත්න­පුරේ ආරම්භ කර තියෙ­නවා. පඹ­හින්න ජල යෝජනා ක්‍රමය රුපි­යල් ලක්ෂ 10,200කින් ආරම්භ කළා. මේ ව්‍යාපෘ­තිය සඳහා රු. ලක්ෂ 778ක් වැය කර තියෙ­නවා. එදා බෝඩ් එක. මේ වගේ වැඩක් කළා නම් කන්ක­ස­න්තු­රෙත් ගැහුවා. අද කාගෙ­වත් ෆොටෝ එකක් නැහැ. අපි හැම‍ ­කෙ­නාම වැඩ කර­නවා හැබැයි බෝඩ් එක නැහැ. ඒ නිසා අයි­ති­කා­රයෝ ගොඩයි. කාල­යක් කියන්න ගත්තා මේවා මහි­න්දගේ වැඩ කියලා, බැසිල්ගේ වැඩ කිව්වා. මේවා රජයේ මුදල් අපේ සල්ලි මේවගේ නැහැ. මේ රජයේ මුදල් කියන්නේ ජන­තා­වගේ බදු සල්ලි. ආණ්ඩුව දැන­ගන්න ඕනෑ ජන­තා­වට අවශ්‍ය දේ කරන්න. 94 ඉඳලා 2014 වෙන­කම් කරන්න බැරි වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපි අවු­රුදු හත­රට කරන්න පුළු­වන් දේවල් කළා. අපි හරි දේ කර­නවා. අපි එක එක්කෙ­නාට ඕනෑ විදි­හට වැඩ කරන්නේ නැහැ. මම ඊයේ පෙරේදා මේ ස්වාමීන් වහ­න්සේලා අධි­ක­ර­ණ­යට යාම ගැන කිව්වා. සිල් ආරක්ෂා කර­ගෙන තමන්ට කැප දේ ස්වාමීන් වහ­න්සේලා කර­නවා නම් මොක­ටද අධි­ක­රණ. දැන් 15ක් ඇතුළේ ඉන්නවා.

වතුර හැමෝ­ටම පොදු දෙයක්. ඒකෙ නිල්පාට වතුර, කොළ­පාට වතුර එන්නේ නැහැ. අපි අධි­ක­ර­ණය ස්වාධීන කර තියෙ­නවා. ඒක කාටත් එකයි. අද අපි අධි­ක­ර­ණය ගැන බලා ඉන්නේ ස්වාධී­න­වයි. එදා අපිව එළ­වන්න කුම­න්ත්‍රණ කළා. අධි­ක­ර­ණය ස්වාධීන නිසා ඒක කරන්න බැරි වුණා. එක්කෙ­නෙක් බලය රැක­ගන්න උත්සාහ කළා. තව කෙනෙක් බලය ලබා­ගන්න උත්සාහ කළා. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය නිසා ඒක බැරි වුණා. අධි­ක­ර­ණ­යට අවශ්‍ය සියලු පහ­සු­කම් අපි ලබා­දීලා තියෙ­නවා. අපි ජන­තා­වට වැඩ කර­නවා. ඡන්ද කාලෙට තමු­න්නා­න්සේලා කැමති තීර­ණ­යක් ගන්න. එක එක කල්ලි වශ­යෙන් බෙදෙන්නේ නැතිව දේශ­පා­ල­නය නැතිව ගමට අවශ්‍ය දේ කර­ගන්න.

සිංහ­ල­කම බෞද්ධ­කම ගැන කතා කර­නවා. අපි තරම් සිංහ­ල­යාට බෞද්ධ­යාට කුහ­ක­කම් කරන තවත් අය නැහැ. අපි ආවේ ජන­තා­වගේ සල්ලි ගසා කන්න නෙමෙයි. ජන­තා­වට වැඩ කරන්න ඒක කිරී­මේදී ඕනෑම දේශ­පා­ලන අභි­යෝ­ග­ය­කට මුහුණ දෙන්න සූදා­න­ම්යැයි ද ඇමැ­ති­නිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළාය.

විවෘත කිරීමේ අව­ස්ථා­වට බලං­ගොඩ නග­රා­ධි­පති චාමික වැවේ­ගෙ­දර, ප්‍රාදේ­ශීය සභාවේ විපක්ෂ නායක සහන් බෝපි­ටිය, ව්‍යාපෘ­තියේ රත්න­පුර දිස්ත්‍රික් අධ්‍ය­ක්ෂක එස්.පී. ගමගේ, බලං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහ­ත්ව­රුන් ඇතුළු බලං­ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­රුන් ද එක්වූහ.

නව අදහස දක්වන්න