වෑන් රථය ප්‍රපා­ත­යට පෙරළී දහ­ය­කට තුවාල | දිනමිණ

වෑන් රථය ප්‍රපා­ත­යට පෙරළී දහ­ය­කට තුවාල

අසේල කුරුළුවංශ

අව­මං­ගල්‍ය උත්ස­ව­ය­කට සහ­භාගි වීම පිණිස ගාල්ලට ගොස් ආපසු හැටන් බලා පැමි­ණෙ­මින් සිටි පිරි­සක් ගමන් ගත් වෑන් රථ­යක් වට­වල ප්‍රදේ­ශ­යේදී අන­තු­රට ලක්වී­මෙන් එහි ගමන් දස දෙනකු තුවාල ලැබ වට­වල ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

අන­තුර ඊයේ(18) පෙර­වරු 5.45ට පමණ සිදුව තිබෙන අතර වට­වල රෝහ­ලට ඇතු­ළත් කළ සිව් දෙනකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා නාව­ල­පි­ටිය රෝහ­ලට මාරු­කර යවා ඇත.

වෑන් රථයේ රිය­දු­රුට නින්ද යෑමෙන් එය පාල­නය කර ගැනී­මට නොහැ­කිව අන­තුර සිදුව තිබෙන බවට පොලී­සිය සැක­ක­රයි.

තුවා­ල­ක­රු­වන් අතර කාන්තා­වන් තිදෙ­නකු සහ පිරි­මින් හත් දෙනකු සිටින බව පොලි­සිය පව­සයි.

වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා හැටන් ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බව පොලී­සිය පව­සයි.

 

නව අදහස දක්වන්න