මහ­ජ­න­යාට අහිමි වු සෞඛ්‍යය කාර්යා­ල­යක් | දිනමිණ

මහ­ජ­න­යාට අහිමි වු සෞඛ්‍යය කාර්යා­ල­යක්

මිහිර විජේසේකර

රුපි­යල් කෝටි දෙක­කට ආසන්න මුද­ලක් වැය කර­මින් වසර හය­කට පෙර නව­ග­ත්තේ­ගම ඉදි­කළ සෞඛ්‍යය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලය කිසිදු ප්‍රයෝ­ජ­න­ය­කට නොගෙන වල්බි­හිවී විනාශ වීමේ තර්ජ­න­යට ලක්ව ඇත.

මේ ප්‍රාදේ­ශීය සෞඛ්‍යය වෛද්‍ය කාර්යා­ලය ජල විදුලි පහ­සු­කම් ඇතුළු සියලු පහ­සු­ක­ම්ව­ලින් සම­න්වි­තය.

නව­ග­ත්තේ­ගම ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ විසි දහ­ස­කට ආසන්න ජන­තා­වක් වෙත සෞඛ්‍යය පහ­සු­කම් ලබා­දීමේ අර­මු­ණින් ඉදි­කළ මේ අංග සම්පුර්ණ ගොඩ­නැ­ගිල්ල වසර හයක් පුරා අත­හැර දැමීම ජන­තා­වට කරනු ලබන අසා­ධා­ර­ණ­යක් බව ඔවුහු පව­සති.

මේ කාර්යා­ලය විවෘත නොකි­රීම හේතු­වෙන් ඊට සැත­පුම් විසි­ප­හ­කට පමණ දුරින් පිහිටි කරු­ව­ල­ග­ස්වැව සෞඛ්‍යය සේවා කාර්යා­ලය මගින් ප්‍රදේ­ශයේ ජන­තා­වට සේවය ලබා­ගැ­නී­මට සිදුව තිබේ. නිසි ලෙස ප්‍රවා­හන පහ­සු­කම් නොමැ­තිව ගැබිනි මවු­ව­රුන් සේවා ලබා ගැනී­මට එම ප්‍රදේ­ශ­යට යායු­තුව ඇත්තේ ගැටලු රැස­කට මුහුණ දෙමිනි.

අදාළ බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු කර කඩි­න­මින් මේ කාර්යා­ලය ජනතා අයි­ති­යට පත්කර දෙන ලෙස ප්‍රදේ­ශයේ ජන­තාව ඉල්ලා සිටිති.

 

නව අදහස දක්වන්න