කුරු­ඳු­ග­හ­හැ­තැක්ම ගරා­ජ­යක් ඉදි­රි­පිට කෝටි තුනක කුඩු | දිනමිණ

කුරු­ඳු­ග­හ­හැ­තැක්ම ගරා­ජ­යක් ඉදි­රි­පිට කෝටි තුනක කුඩු

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කුරු­ඳු­ග­හ­හැ­තැක්ම පිවි­සුම ආස­න්නයේ පිහිටි ගරා­ජ­යක් ඉදි­රි­පිට තිබී රුපි­යල් කෝටි තුන­කට අධික වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ 03ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් පෙරේරා (18) රාත්‍රියේ දී සොයා­ගෙන තිබේ.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු කොටු කර ගැනී­මට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් කළ මෙහෙ­යු­ම­කදී එම හෙරො­යින් තොගය හමුවී ඇත.

ජාවා­ර­ම්ක­රු­වන්ට ඇති වුණු සැක­යක් මත හෙරො­යින් පාර්ස­ලය අත­හැර අධි­වේගී මාර්ගය ඔස්සේ පලා යන්නට ඇතැයි මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සැක කරයි.

මෙහෙ­යුම සාර්ථක වූයේ නම් ප්‍රධාන පෙළේ ජාවා­ර­ම්ක­රු­ව­කුද සමඟ හෙරො­යින් කිලෝ 20ක් පමණ අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යාව තිබුණු බව උසස් පොලිස් නිල­ධා­රි­යකු සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ

නව අදහස දක්වන්න