ගම්බිම් ගිය අයට නැවත එන්න ඒකා­බද්ධ ප්‍රවා­හන මෙහෙ­යු­මක් | දිනමිණ

ගම්බිම් ගිය අයට නැවත එන්න ඒකා­බද්ධ ප්‍රවා­හන මෙහෙ­යු­මක්

සුභාෂිණී සේනානායක
නිමල් රාජපක්ෂ

අලුත් අවු­රුද්ද සඳහා ගම්බිම් ගිය ජන­තා­වට නැවත ඒම සඳහා ඒකා­බද්ධ ප්‍රවා­හන මෙහෙ­යු­මක් ප්‍රවා­හන සහ සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය හඳුන්වා දී ඇත.

මේ මෙහෙ­යුම සඳහා ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සහ ජාතික ගම­නා­ග­මන කොමි­සම් සභාව එක්ව ගම­නා­ග­මන මෙහෙ­යු­මක් සිදු කරන බව ප්‍රවා­හන සහ සිවිල් ගුව­න්සේවා ඇමැති අර්ජුන රණ­තුංග මහතා කියා සිටී.

මේ අලුත් අවු­රුදු ඒකා­බද්ධ මෙහෙ­යුම අලුත් අවු­රු­ද්දට පෙර ආරම්භ කර ඇති අතර, අනිද්දා දක්වා ක්‍රියා­ත්මක කෙරේ.

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට අයත් බස්රථ 1350ක් ද පෞද්ග­ලික බස්රථ 3000ක් ද ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය යටතේ යොදවා ඇති අතර, විශේෂ දුම්රිය 11ක් අද (20) සිට සඳුදා (22) දක්වා ධාව­නය කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව කට­යතු සූදා­නම් කර ඇත.

පසු­ගිය 8වැනිදා සිට 13වැනිදා දක්වා ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය ලැබූ රුපි­යල් මිලි­යන 400ක ආදා­ය­මත්, පෞද්ග­ලික බස්ර­ථ­වල සේවාව ගැන ලැබුණු පැමි­ණිලි ඉතාම අඩු­වී­මත් සාර්ථ­ක­ත්වය පෙන්නුම් කරන සාධක බවද ඇමැති අර්ජුන රණ­තුංග මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න