පාස්කු ඉරිදා අද යි | දිනමිණ

පාස්කු ඉරිදා අද යි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු ඉරිදා සමරති.

ඒ වෙනුවෙන් සියලු දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වෙන්නේ කුතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ය.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

පාස්කු මංගල්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දී ඇත්තේ විවිධ බලවේග වලින් එතරව යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

 

 


නව අදහස දක්වන්න