කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කෙරේ | දිනමිණ

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කලේ, අද උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟම මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසෙවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා බව ද ඔහු පවසයි.

එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.


නව අදහස දක්වන්න