බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදීන්ට තවදුරටත් අපරාධ කරන්න ඉඩ නෑ | දිනමිණ

බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදීන්ට තවදුරටත් අපරාධ කරන්න ඉඩ නෑ

විජයානි එදිරිසිංහ

රුවන් විජයවර්ධන

සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ඇදිරි නීතිය පනවමින් සියලු ආරක්ෂක අංශ සිරුවෙන් තබා ඇති වෙමින් පවතින තත්ත්වය පාලනය කිරීමට දැඩි ආරක්ෂක පියවරයන් රැසක් ගෙන ඇති බව පවසන ආරක්ෂක රාජ්‍ය අැමැති රුවන් විජයවර්ධන මහතා ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශ යොදා රටම ආවරණය වන පරිදි දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කැර ඇති බව පවසයි

ඒ අතර මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කිසිම අන්තවාදි කල්ලියකට හෝ කණ්ඩායමකට තවදුරටත් මේ මොහොතේ සිට තවත් මෙවැනි අපරාධයක් සිදු කිරීමට ඉඩ නොතබා ඔවුන් සියලු දෙනාම අත් අඩංගුවට ගැනීමට කළ හැකි සැම දෙයක්ම කරන බව ආරක්ෂක රාජ්‍ය අැමැති සහ ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොළඹ ස්ථාන නවයක බෝම්බ පුපුරා තිබෙනවා. මේ ඉතාමත් සැළසුම් සහගතව සිදු කරනු ලැබු දෙයක්. මේ වේලාවේ සිට රටතුළ දැඩි ලෙස ආරක්ෂාව තදින්ම ක්‍රියාත්මක කර තිබේනවා. සියලු ආරක්ෂක අංශ මේ අපරාධය සිදු කළ අපරාධකරුවන්ට පලා යැමට කිසිසේත් ඉඩක් දෙන්නේ නැහැ. මම මේ රටේ ජනතාවට කියා සිටින්නේ කටකතා වලට නොරැවටී රට ගැන සිතා රටේ අහිංසක ජනතාව ගැන සිතා ජාති ආගම් භේද නොසළකා කටයුතු කරන ලෙසයි. .

රටේ සාමය පැවැති අවස්ථාවක බලාපොරොත්තු නොවන පරිදි සිදු වු මෙම බරපතළ අපරාධයෙන් දැඩි සේ කම්පාවට පත්ව ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත් වු කෙටි මාධ්‍ය හමුවේදිය.

අැමැති රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කියා සිටියේ මෙම අවාසනාවන්ත මරණවලට ගොදුරු වු සියලු දෙනාගේම මරණවල අවසන් කටයුතු රජයේ වියදමින් කරන බවත් තුවාල වි සිටින සියලු දෙනාටම ප්‍රතිකාර ලබා දිම පිණිස සියලු අවශ්‍ය සේවාවන් කැඳවා අවශ්‍ය ප්‍රතිකාර කටයතු කිසිවක් නොඅඩුව සපයා දෙන බවත්ය.

ඒ අතර මෙම රුදුරු බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වි ජිවිතක්ෂයට පත්ව සිටින විදෙස් ජාතිකයන් සහ තුවාල ලබා සිටින පිරිසටත් එම රටවල සිටින ඔවුන්ගේ ඥාතින් වෙත රජයේත් රටේ ජනතාවගේත් සංවේගය පළ කරන බවද මේ අවස්ථාවේ රුවන් විජයවර්ධන මහතා කියා සිටියේය.

තවද විදේශිකයන් ගැවසේන හෝටල් ගුවන්තොටුපොළ සහ වෙනත් ස්ථාන මේ වන විටත් දැඩි ලෙස විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙමින් පවතින බව පවසා සිටි අැමැති රුවන් විජයවර්ධන මහතා එම හෝටල් වල සිටින පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ පියවරවල් ගණනාවක් ගෙන තිබෙන බවද පවසයි. මෙම ආරක්ෂක තත්ත්වය පවත්වා ගෙන යෑමට රටේ ජනතාවගේ සහාය දැඩි ලෙස අවශ්‍යව ඇති බැවින් ඊට සහාය දෙන ලෙසද ඉල්ලා සිටියේය.


අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න