ඔස්ට්‍රේලියාවේ ෆ්‍රේසර් දිවයිනෙ දී කැලෑ සුනඛයෙක් දරුවකු පැහැර ගැන්න හදලා | දිනමිණ

ඔස්ට්‍රේලියාවේ ෆ්‍රේසර් දිවයිනෙ දී කැලෑ සුනඛයෙක් දරුවකු පැහැර ගැන්න හදලා

ඩින්ගෝ විශේෂයට අයත් කැලෑ සුනඛයෙක් දරුවකු පැහැර ගැනීමට ගත් උත්සහයක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ෆ්‍රේසර් දිවයිනෙන් වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාවේ ෆ්‍රේසර් දිවයිනෙකඳවුරු බැඳගෙන සිටි සංචාරකයන් පිරිසක් තද නින්දේ පසු වූ අවස්ථාවක ඒ අතර සිටි මාස 14ක් වයසැති පිරිමි ළමයෙක් පැහැරගෙන යාමට ඩින්ගෝ වර්ගයේ සුනඛයෙක් උත්සාහ කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අවදි වූ පියා සුනඛයාගේ ග්‍රහණයෙන් දරුවා මුදාගැනීමට සමත් වී ඇත. ප්‍රහාරයෙන් දරුවාගේ හිසට සහ බෙල්ලට තුවාල සිදු ව ඇති බව සඳහන් වෙයි.

එම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා ගුවන් මගින් අසළ පිහිටි රෝහලකට රැගෙන ගිය දරුවා අනතුරුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ළමා රෝහලකට මාරුකර යවා ඇත.

ප්‍රචණ්ඩ සුනඛ වර්ගයක් වන ඕස්ට්‍රේලියාවේ ඩින්ගෝ සුනඛයන් ෆ්‍රේසර් දූපතේ රක්ෂිත සත්ත්ව කොටසක් ලෙස සැළකෙයි.

එමෙන්ම කඳවරු බැඳීම සඳහා එහි පැමිණෙන සංචාරකයඅන් අතර ද එම සතුන් අතිශය ජනප්‍රියය.

කෙසේ වෙතත් එම දිවයිනේ මේ වසරේ සුනඛයකුගේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා වූ තෙවන අවස්ථාව මෙයයි.

එම දූපතේ ඩින්ගෝ සත්ත්වයන් 200කට අධික පිරිසක් වාසය කරන අතර ඔවුන් රංචු වශයෙන් සැරිසරමින් එහි කාලය ගතකරන බවත් ක්වීන්ස්ලන්ඩ් පරිසර හා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර 1980 වර්ෂයේ දී එහි ඩින්ගෝ සුනඛයකුගේ පැහැර ගැනීමට ලක් වූ දරුවකු පිළිබඳ ග්‍රන්ථයක් සහ සිනමාපටයක් පවා නිර්මාණය තිබේ.

නව අදහස දක්වන්න