පිපිරීම් සිද්ධි මාලාව සොයන්න ජනපති නියමයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් | දිනමිණ

පිපිරීම් සිද්ධි මාලාව සොයන්න ජනපති නියමයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සමන්විතය.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.


නව අදහස දක්වන්න