සල්මන් - කට්රිනා ආයෙ­මත් හාද වෙලා | දිනමිණ

සල්මන් - කට්රිනා ආයෙ­මත් හාද වෙලා

කාලයක් තිස්සේ පෙම් ලොව රජ කළ සල්මන් ඛාන් සහ කට්රිනා කයිෆ් අද වන විට පෙම්වතුන් නොවන බව මුළු ලොවම දන්නවා. ඒ වුණත්, තවමත් මේ දෙදෙනා අතර කිසියම් හිතවත්කමක් පවතින බව රහසක් නොවෙයි. මේ හිත් හොඳ කම නිසා තමයි, දෙදෙනා එකට එක්වී චිත්‍රපටවල රඟපාන්නේ.

පෙම් සබඳකමක් නැති මේ අපූරු හිතවත්කමේ තේරුම කුමක්දැයි සමහරු ප්‍රශ්න කරනවා. හිතවත්කම කොයිතරම්ද කිව්වොත් මෑතකදී රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගත් සල්මන්, එය කට්රිනාට තිළිණ කළා. පසුගියදා තවත් අලුත්ම ආරංචියක් පැතිරී ගියා. සල්මන් සහ කට්රිනා හැඳ පැළඳ සිටින ඇඳුම් පවා ඒක සමාන වර්ණයන්ගෙන් සමන්විත ලු. ඒ විතරක් ද? පසුගියදා මේ දෙදෙනාම මිලදී ගත්ත SUV වර්ග‍යේ මෝටර් රථ දෙකෙහි වර්ණයත් එක සමානලු.

මේ අතර ළඟදීම රූ ගත කිරීම් ඇරඹීමට නියමිත ‘සුර්යවංශි’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළ කට්රිනා, එයින් ඉවත් වී තිබෙනවා. ඇගේ ඉවත්වීමේ තීරණය පිටුපස සිටින්නේ සල්මන් යැයි පැවසෙනවා.

නව අදහස දක්වන්න