ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට හිටපු නායකයාත් කැඳවයි | දිනමිණ

ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට හිටපු නායකයාත් කැඳවයි

ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නම් කිරීමට නියමිත දිනට පැය 24ක් තිබියදී ප්‍රකාශයට පත් කරන ලද ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් වලදී තීරණය වී තිබේ.

ගුල්බදින් නයිඩ්ව නායකයා ලෙසින් කටයුතු කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට හිටපු වේග පන්දු යවන්නකු වන හමීඩ් හසන්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. 31 වැනි වියේ පසුවන හසන් වරින් වර ආබාධවලට ලක්වීම මත අවසන් වරට ඇෆ්ගනිස්තාන පිල නියෝජනය කිරීමට වරම් ලබා ඇත්තේ 2017 වසරේදීය. හසන් කණ්ඩායමට පැමිණීම මත ශපූර් සද්‍රන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ. නම් කරන ලද කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ ප්‍රධානියා ලෙස රෂීඩ් ඛාන් කටයුතු කරන අතර මුජිබර් රෙහ්මාන් හා මොහොමඩ් නබීද අනෙක් දඟ පන්දු යවන්නෝය.

ඇෆ්ගනිස්තාන සංචිතය - ගුල්බදීන් නයිබ් (නායක), මොහොමඩ් ශෂාඩ්, නූර් අලී සද්‍රාන්, හස්රතුල්ලාහ් සසායි, රහ්මත් ෂා, අස්ගර් ඇෆ්ගන්, හෂමටුල්ලා ශහීද්, නජිබ්ල්ලා සද්‍රාන්, සමියුල්ලා ශින්වාරි, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, දව්ලට් සද්‍රාන්, අෆ්ටාබ් අලාම්, හමීඩ් හසන්, මුජිබර් රෙහ්මාන්.

නව අදහස දක්වන්න