ජොන්ස්ටන්ට එරෙහි නඩුව මැයි 14දා | දිනමිණ

ජොන්ස්ටන්ට එරෙහි නඩුව මැයි 14දා

ස.තො.ස ආයතනයේ සේවකයන් 153ක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මැයි මස (14) යළි කැඳවන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා ඊයේ (23) නියම කළේ ය. පසුගිය නඩු වාරයේ විත්තියේ නීතිඥවරු විසින් මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (23) පැමිණිල්ල වෙනුවෙන් මූලික ප්‍රතිවිරෝධතා ගොනු කරනු ලැබිණි.

2010 සහ 2014 යන වසරවලට අදාළ කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

අමෝදා ජයමහ


නව අදහස දක්වන්න