සොයමින් සිටි වාහන 02ක් සොයා ගැනේ | දිනමිණ

සොයමින් සිටි වාහන 02ක් සොයා ගැනේ

ඊයේ රාත්‍රී කළ සෝදිසි මෙහෙයුමේදී වරකාපොළ අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී වෑන් රථයක් සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, එම නිවසේ තිබී යතුරුපැදියක් සහ සන්නිවේදන උපකරණ 04ක් ද සිය භාරයට ගත් බවයි.

පොලිසිය භාරයට ගත් අදාළ වෑන් රථය සහ යතුරුපැදිය සැකසහිත වාහන වලින් 02ක් බවට මේ වන විට අනාවරණ වී තිබේ.

මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු එම නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව ඔවුන් සමඟ සබඳතා පැවැත් වූ තවත් සැකකරුවෙකු හෙම්මාතගම පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි.


නව අදහස දක්වන්න