සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැරේ | දිනමිණ

සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැරේ

කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබේ.

කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.

මේ අතර අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇත.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ පරීක්ෂණයකදියි මෙම බෝම්බය සොයාගෙන ඇත්තේ.

බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කරීමෙන් පසු මේ වනවිට එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇති බව ද සඳහන්.


නව අදහස දක්වන්න