ඉල්ලා අස්වෙන්න: ආරක්ෂක ලේකම්ට-පොලිස්පතිට ජනපති දන්වයි | දිනමිණ

ඉල්ලා අස්වෙන්න: ආරක්ෂක ලේකම්ට-පොලිස්පතිට ජනපති දන්වයි

රක්ෂණ ශ්‍රියන්ත

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසයි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ඊයේ(24) දින සිදුකර ඇති බවයි.

එසේම පෙරේදා(23) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශයන්හි මුල් පුටුවල වෙනසක් කිරීමට තමා බලාපොරොත්තු වන බවත් එමෙන්ම ඉදිරි සතියක කාලය තුල දී ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.

නව අදහස දක්වන්න