බොරු බෝම්බයකින් අම්බලන්තොට හෙල්ලෙයි | දිනමිණ

බොරු බෝම්බයකින් අම්බලන්තොට හෙල්ලෙයි

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ බස්රථ නවතා තබන ස්ථානයක ලංගම බස්රථයක් තුළ සැකකටයුතු යමක් ඇතිබවට අම්බලන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණයක් ඇරැඹිණි.

ඒ අනුව එහි සැක කටයුතු ලෙස කම්බියකින් බඳින ලද කාඩ් බෝඩ් පෙට්ටියක් පොලිසිය කළ නිරීක්ෂණ වලදී සොයා ගන්නා ලද අතර පසුව අම්බලන්තොට හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු දැනුවත්කර විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් ගෙන්වා පරික්ෂා කිරීමෙන් පසු යම් අයකු විසින් ජනතාව බියගැන්වීම සඳහා සකසන ලද්දක් බව හෙළිවිය .

අදාළ ලංගම බස්රථය ධාවන කාලය නිම වීමෙන් පසු සෑම දිනකම එම ස්ථානයේ නතර කර යන බවත් එහි දොරවල්ද නිසි අයුරින් නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ . කෙසේ නමුත් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ තැනත්තා අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ .

අම්බලන්තොට සමුහ රාහුල් සමන්ත
හෙට්ටිආරච්චි සහ ලුණම සමූහ
සනත් ගමගේ

නව අදහස දක්වන්න