මුල්ලේරියාවේ වෙඩිතැබීමක් - අයෙක් ජීවිතක්ෂයට | දිනමිණ

මුල්ලේරියාවේ වෙඩිතැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

මුල්ලේරියාව ප‍්‍රදේශයේ ඊයේ(25) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
 
මුල්ලේරියාව, රණබිම මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදි වලින් පැමිණි තිදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙකි. 
 
ඔහු ව්‍යාපාරිකයෙකු බව පොලිසිය පවසයි. 
 
මරණකරු සිය කැබ් රථය නිවසේ ගරාජයට ඇතුල් කිරීම සදහා පිටුපසට ධාවනය කරමිනි සිටි අවස්ථාවේ දී කැබ් රථය ඉදිරියට පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු විසින් කැබ් රථය තුළ සිටි මෙම ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇත.
 
මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 
 
 

නව අදහස දක්වන්න