‘බර්ජ් කලීෆා‘ ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වෙයි | දිනමිණ

‘බර්ජ් කලීෆා‘ ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වෙයි

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවෙන් සිහිපත් කරමින් ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ශ්‍රී ලාංකික ධජය අලෝක රටා මගින් නිර්මාණය කරමින් එය සිහිපත් කර තිබේ.
 
බ්‍රහස්පතින්දා (25) සවස් කාලයේ දී මෙලෙස ආලෝක රටා ඔස්සේ ශ්‍රී ලංකා ධජය නිරූපනය කර ඇත.
 
බර්ජ් කලීෆා ගොඩනැගිල්ල හැරුණු විට අබුඩාබි හී ඇති තවත් විශේෂිත ස්ථානවලද ශ්‍රී ලංකා ජාතික ධජයේ වර්ණවලින් අලෝකමත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. එමිරේට්ස් විහාරය, ෂීක් සයිඩ් පාලම, ඇඩ්නැක් ගොඩනැඟිල්ල, කැපිටල් ගේට් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ද ඒ අතර වූ බව වාර්තා වේ. 
 
මේ අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ශ්‍රි ලාංකික ප්‍රජාව ද ආගමික වතාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් සංවිධාන කර තිබිණ. ඊට විශාල පිරිසක් එක්වූ බව දැක්වේ. 
 
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට ශෝකය පළ කරමින් ලෝකයේ විවිධ ස්ථානවල දී වැඩසටහන් සංවිධාන කර තිබිණ.
 
 

අදහස් 1ක් ඇත

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ජාතික කොඩියේ ආකාරයට වර්ණවත් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කර ඇතැයි දිනමිණ පුවත්පත කර ඇති වාර්තාව ගැනය. එසේ විපතට පත්වූවන් සිහිකිරීම අගය කළ යුතු කටයුත්තකි. ලෝක ප්‍රජාව මෙවැනි අමානුෂික අපරාධ ප්‍රතික්ෂේප කරන බවට එය සාක්ෂියක් වනු ඇත. එහෙත් ශ්‍රී ලාංකික අනන්‍යතාව නිරූපනය කරන ජාතික කොඩිය ප්‍රදර්ශනය කර ඇති ආකාරය වැරදිය. එය රටේ අභිමානයට කැළලක් සේ හැඳින්විය හැක. ජාතික කොඩිය ය ම්තැනක ප්‍රදර්ශනය කළ යුතු සම්මත ආකාරය සිංහයා පාදවලින් නැගීසිටින ආකාරයයි. මෙහි දැක්වෙන්නේ කොඩියේ පටු පැත්තෙන් එල්ලා ඇති බවකි. මේ පිළිබඳව සෞදි රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔවුන් වෙත දැන්විය යුතුය. එසේ දැනුවූයේ දැ යි පුවත් වාර්තාවේ කියා නැත. මේ වන විට කොඩිය ප්‍රදර්ශනය කර හමාරයයි සිතා නිහඬව නොසිටිය යුතුය. අප එම දැනුවත් කිරීම නොකළහොත් නැවත නැවතත් ලොව පුරා විවිධ අවස්අතාවල පගේ ජාතික කොඩිය වැරදියට ප්‍රදර්ශනය කිරීම සිදුවිය හැකි නිසාය.

නව අදහස දක්වන්න