පුටින් හමුවීමට කිම් ජොන්ග් රුසියාව බලා යයි | දිනමිණ

පුටින් හමුවීමට කිම් ජොන්ග් රුසියාව බලා යයි

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් හමුවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් රුසියාව බලා පිටත් විය.

සුපුරුදු පරිදි ඔහු මේ සංචාරය සඳහා යොදා ගෙන ඇත්තේ ඔහුගේ පුද්ගලික දුම්රියයි. නායක කිම් ජනාධිපති පුටින් හමු වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ක්‍රෙම්ලීනය වාර්තා කරන්නේ මෙම හමුව ව්ලඩිවොස්ටොක් ආසන්නයේ දී ඊයේ (25) පැවැති බවයි. මෙහිදී කොරියානු කලාපයේ න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

උතුරු කොරියානු නායකයාගේ මෙම ප්‍රවේශය ඔහුට අවාසි සහගත බව දේශපාලන විද්වතුන්ගේ මතය වී තිබේ. ඔහු මෙම සංචාරය ආරම්භ කරන්නේ අමෙරිකාව සමඟ පැවැති අවසාන සාකච්ඡා බිඳ වැටීමෙන් පසුය. ඊට පෙර අමෙරිකානු ජනාධිපති සමඟ මෙන්ම දකුණු කොරියානු ජනාධිපති සමඟ ද කිම් ජොන්ග්-අන් සාකච්ඡා පවත්වීය. එම සාකච්ඡා යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද වියට්නාමයේ පැවැති කිම්-ට්‍රම්ප් දෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවය. කිම්ගේ රුසියානු සංචාරය ආරම්භ වන්නේ මෙවන් වාතාවරණයක් යටතේය.

නායක කිම් ජොන්ග් අන්ගේ පියා වන කිම් ජොන්ග්-ඉල් 2011 වසරේ දී එවකට රුසියානු ජනාධිපති වූ දිමිත්‍රි මෙද්වෙදෙව් හමු විය.

නව අදහස දක්වන්න