ලුසොන් භූ කම්පනයෙන් මියගිය පිරිස 16ට නගී | දිනමිණ

ලුසොන් භූ කම්පනයෙන් මියගිය පිරිස 16ට නගී

පිලිපීනයේ ලුසොන් දිවයිනේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති අතර 80 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. පිලිපීනයේ ලුසොන් දිවයිනේ පසුගිය සඳුදා ඇති වූ මැග්නිටියුඩ් 6.1ක ප්‍රබල භූ කම්පනය නිසා ක්ලාක් ජාත්‍යන්තර ගුවන්තොටුපොලට හානි සිදු වී ඇති අතර ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන් විනාශ විය. එම ගොඩනැගිලි තුළ බොහෝ පිරිසක් තව දුරටත් සිර වී ඇති බව ද වැඩිම හානි සිදු වූ පළාතේ 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා විය. මේ පිළිබඳව තොරතුරු ලබා දෙමින් ආණ්ඩුකාර ලිලියා පිනේඩා පැවසුවේ කඩා වැටුණ ගොඩනැගිලි වල සිර වී සිටින පිරිස් බේරා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින බවයි.


නව අදහස දක්වන්න