එච්. ජී. ක්‍රිකට් පිලට ඉන්දියාවේදී ජය | දිනමිණ

එච්. ජී. ක්‍රිකට් පිලට ඉන්දියාවේදී ජය

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා

පාදුක්ක එච්. ජී. ක්‍රිකට් පුහුණු පාසලේ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් කොස්මික් ක්‍රිකට් පුහුණු පාසල සමග බැංගලෝර් හි කිනි ක්‍රීඩාංගණයේ පැවැති ඊසා කුසලානය සඳහා වූ විස්සයි20 තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොස්මික් ක්‍රිකට් කණ්ඩායම කඩුලු 3කට ලකුණු 147ක් ලබාගත් අතර එහිදී ආර්. විවේක් නොදැවී ලකුණු 59ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එච්. ජී. ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. එහිදී නායක හේෂාන් කාවින්ද නොදැවී ලකුණු 73ක් සහ තරිඳු ඕෂධ ලකුණු 38ක් ජයග්‍රාහී එච්.ජී පිලට එක් කළහ.

කොස්මික් ක්‍රිකට් පුහුණු පාසල - 147/3 (ඕවර 20) ආර්. විවේක් නොදැවී 59, අබේ සූර්යා 23, සාද්වි යස්හාස් 20 (හේෂාන් කාවින්ද 13/2)

එච්. ජී. ක්‍රිකට් පුහුණු පාසල - 152/4 (ඕවර 17.4) හේෂාන් කාවින්ද නොදැවී 73, තරිඳු ඕෂධ 38 (ජී. යස්හාස් 15/2)

ඡායාරූප - මොරටුව ක්‍රීඩා

නව අදහස දක්වන්න