සුංගාවිලදී සැක ලොරියක් අත්අඩංගුවට | දිනමිණ

සුංගාවිලදී සැක ලොරියක් අත්අඩංගුවට

මැදිරිගිරිය සමුහ ඩබ්ලිව්. ඒ. පියතිලක

පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල ප්‍රදේශයේ කළ මෙහෙයුමෙන් සැකකටයුතු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි. මේ අත්අඩංගුවට පත් EPPX 2399 දරණ ඩීමෝ වර්ගයේ ලොරි රථය පොලිස් මුලස්ථානයට දැනුම් දි තිබු සැක කටයුතු රථවාහන අංක සහිත වාහනයක් බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසිංහ මහතා පවසයි. මේ ලොරි රථය මීට මාස දෙකකට පෙර කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට සුංගාවිල ප්‍රදේශයේ පුද්ගලයකුට කුලී පදනම මත ලබා දි ඇති බව පොලිසිය පවසයි. මේ වන විට විශේෂ කාර්ය බළකාය විසින් ලොරි රථය දැඩි පරික්ෂාවකට ලක් කරමින් සිටි. ලොරි රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබේ


නව අදහස දක්වන්න