සම්බෝධි බුදු පිළිමයේ මැණික් එබ්බ වු නේත්‍රා ගලවලා | දිනමිණ

සම්බෝධි බුදු පිළිමයේ මැණික් එබ්බ වු නේත්‍රා ගලවලා

එන්.පී.රාජදොරේ රත්නපුර විශේෂ

රත්නපුර බටුගෙදර සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමයේ නේත්‍රාදෙකේ සවිකරන ලද මිල කළ නොහැකි මැණික් ගල්දෙකක් සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමියන්ගෙන් පැමිණිල්ක් ලැබී ඇතැයි රත්නපුර මුලස්ථානය පවසයි.

බුදු පිළිමය සෝදා පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේ වෙනත් දිනවල විදුලි බුබුළු දැල්වු විට බුදුපිළිමයේ නේත්‍රා දෙකේ සවිකර තිබු මැණික්ගල්වලින් නිකුත්වන ආලෝකය එදින දක්නට දක්නට තිබී නැති අතර විදුලි පන්ඳමක් දල්වා පරීක්‍ෂා කර බැලීමේදි බුදු පිළිමයේ නේත්‍රා දෙකේ සවිකරන ලද මැණික් අතුරුදන්වී ඇති බව දැනගෙන ඇත. මේ බුදු පිළිමය මීට වසර දහයකට පෙර මේ ස්ථානයේ ඉදිකර ඇති අතර එම අවස්ථාවේ රත්නපුර හකමුව ප්‍රදේශයේ දායක ව්‍යාපාරික මහතෙකු විසින් පරිත්‍යාග කළ මැණික් ගල්දෙකේ වටිනාකම මෙතැකැයි කිව නොහැකි බව සම්බෝධි විහාරස්ථානයේ නිර්මාතෘ හිටපු විහාරාධිපති නාහිමියන් වන කැම්පණේ ගුණරතන නාහිමියෝ පැවැසුහ.

මත්කුඩුවලට ඇබ්බැහි වු පුද්ගලයන් විසින් මෙය සොරා ගන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර මෙය සොරා ගන්නා ලද්දේ කුමන දවසකද යන්න සොයා පොලිසිය පරීක්ඹණ පවත්වයි.

රත්නපුර පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්‍ෂක.තිලකරත්න මහතාගේ උපදෙස් මත රත්නපුර පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේසිරි,කොස්තාපල් 67667රත්නායක,85070 ඇසල යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


නව අදහස දක්වන්න