ආරක්ෂක නිලධාරියා හමුදා නිල ඇඳුම් සමඟ අත්අඩංගුවට | දිනමිණ

ආරක්ෂක නිලධාරියා හමුදා නිල ඇඳුම් සමඟ අත්අඩංගුවට

මාපාකඩවැව සමුහ එච් එම් රංජිත් කරුණාවිර

රංදෙනිගල රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයකු සන්තකයේ තිබී හමුදා නිල ඇඳුම් ලද තොරතුරක් අනුව අත් අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගනු ලැබු මහවැලි ආරක්ෂක නිලධාරියා වයස අවුරුදු 39ක විවාහක බදුල්ල, වෙලේගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සිංහල කාන්තාවක් සමඟ විවාහයට පත් එක් දරු පියෙකි.

සැකකරු සේවයේ නියුතු මහවැලි ආරක්ෂක නේවාසිකාගාරයේ බෑගයක තිබි මෙම හමුදා යුද ඇඳුම් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර හමුදා රාත්‍රි රාජකාරි කටයුතු කරන කලුපැහැති සම්පුර්ණ නිල ඇඳුමක් කලු කලිසමක් හා හමුදා කැමා ඇඳුම් කට්ටලයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. අත් අඩංගුට ගත් මහවැලි ආරක්ෂක නිලධාරියා හා හමුදා නිල ඇඳුම් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

හසලක පොලිසියේ පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල් 2135 කපිල, 35291 විලේගොඩ, රියදුරු 34996 ජගත් යන නිලධාරිහු සිද්ධිය සම්බන්ධයන් පරීක්ෂණ පවත්වති.

 

නව අදහස දක්වන්න