මධූෂ් පිටුවහල් කිරීම - 09 දක්වා කල් යයි | දිනමිණ

මධූෂ් පිටුවහල් කිරීම - 09 දක්වා කල් යයි

ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට පත්වූ සන්නද්ධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම පිළිබද තීන්දුව ලබාදීම මේ මස 09 වනදා දක්වා කල් දමා තිබේ.

ඒ ඩුබායි අධිකරණයේ නියෝගයකට අනුවයි.

මාකඳුරේ මධුෂ්, නීතීඥයන් පිරිසක් මාර්ගයෙන් ඩුබායි අධිකරණයේ මීට පෙර පෙත්සම ගොනු කරනු ලැබුවේ තමන්ට ජීවිත තර්ජන ඇති හෙයින් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව එරට අධිකරණය මීට පෙර දැනුම් දුන්නේ අදාළ තීන්දුව අද ලබාදෙන බවයි.

කෙසේ වෙතත් එම තීන්දුව ලබාදීම මේ මස 09 වනදා දක්වා කල් දැමීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇත.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්රූයන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ඒ මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම, මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මුදා හැරුණු අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඊයේ හෙරොයින් ග්‍රෑම් 04 ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ද අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

නව අදහස දක්වන්න