Uber සම­ගින් ආර­ක්‍ෂාවේ උප­රි­මය අත්වි­ඳින්න | දිනමිණ

Uber සම­ගින් ආර­ක්‍ෂාවේ උප­රි­මය අත්වි­ඳින්න

ලොව විශාලතම ඉල්ලුමක් සහිත ගමන් සහකරුවා වන Uberසමාගම විසින් සැමට ආරක්ෂාකාරී අත්දැකීමක් සහ අන්‍යෝන්‍ය ගරුත්වයක් හිමිවන ප්‍රවාහන පරිසරයක් ඇතිකිරීමේ අරමුණින් යුතුව, රියදුරු ආරක්ෂාව සඳහා වන යෙදුම තුළ ( in-app ) අන්තර්ගතව ඇති පුළුල් ආරක්ෂිත ලක්ෂණවලින්ද සමන්විත ‘රියදුරු ආරක්ෂණ මෙවලම් කට්ටලය’ දියත් කරයි. ඒ සමගින්, ආරක්ෂාව වැඩිදුරටත් ශක්තිමත් කිරීම පිණිස Uber විසින් සිය ප්‍රජා මාර්ගෝපදේශයට නව කරුණු එක් කරමින්, මෙම සේවාව භාවිත කරන ඕනෑම අයකු අදාළ සේවාව සමඟ සම්බන්ධවීමේ දී ඔවුන්ගෙන් අපේක්‍ෂා කෙරෙන හැසිරීමcසිහිගන්වනු ලබයි.

මෙම දියත් කිරීමේ දී අදහස් දැක්වූ Uberසමාගමේ මෙරට කළමනාකරු අන්කිට් ගුප්තා මහතා ‘රියදුරුහවුල්කරුවන් නොසිටින්න Uber යන සමාගමක් ඇති වෙන්නෙ නැහැ. ඔවුන් තමයි Uber ව්‍යාපාරයේ කේන්ද්‍රයේ සිටින්නෙ. ප්‍රථම වතාවට හඳුන්වා දෙන හදිසි බොත්තම සහ ‘රියදුරු ආරක්ෂණ කට්ටලය’යටතේ ගමන්වාරය Uberකරගැනීමේ පහසුකම සියලුම රියදුරු සහකරුවන් සම්බන්ධ කර තැබීමට හා ආරක්ෂාව තහවුරු කිරීමට Uberදක්වන දායකත්වය මැනවින් පෙන්නුම් කරනවා.

නව අදහස දක්වන්න