නැඟෙනහිර පළාත් පිහිනුම් ශූරතාව අම්පාරට | දිනමිණ

නැඟෙනහිර පළාත් පිහිනුම් ශූරතාව අම්පාරට

නැඟෙනහිර පළාත් පිහිනුම් ශූරතාව අම්පාර දිස්ත්‍රික්කයට හිමි වු අතර අනුශූරතාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට හිමි විය. අම්පාර දිස්ත්‍රික් කණ්ඩායම රන් පදක්කම් 32ක් හිමිකරගත් අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට දිනාගත හැකිවූයේ රන් පදක්කමක් පමණි.

ත්‍රිකුණාමලය මහ නගර සභා පිහිනුම් තටාකයේ පැවැති 2019 නැඟනහිර පළාත් පිහිනුම් ශූරතාවලියට අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් නියෝජනය කරමින් ඉසව් 33ක් යටතේ තරගකරුවන් 80ක් පමණ සහභාගිවූහ.

අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් පිරිමි කණ්ඩායම රන් පදක්කම් 17ක්, රීදි පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කමක්ද, කාන්තා කණ්ඩායම රන් පදක්කම් 15ක්, රීදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කමක් ද දිනා ගත්හ.

නැඟෙනහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක එම්.නවුෆස්, අම්පාර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි එම්.එම්. අමිර් අලි සහ අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ පිහිනුම් පුහුණුකරු ඉන්දික කුමාර යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වුහ.

දිගාමඩුල්ල සංචාරක
පියසේන වතුදුර

නව අදහස දක්වන්න