ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සාක් රටවල් එක්විය යුතුයි | දිනමිණ

ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සාක් රටවල් එක්විය යුතුයි

එක් රටකට ඇති වන ත්‍රස්තවාදී තර්ජනයක් අප සංවිධානයට අයත් සෑම සාමාජික රටකටම එරෙහි තර්ජනයක් ලෙස සැලකිය යුතුයි. මේ නිසා ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සහ මුළිනුපුටා දැමීමට අප සියලුම දෙනා එකට එක්වී සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. එක්ව වැඩ කළොත්, සමස්ථ සාක් කලාපයට ම සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය ගෙන ආ හැකි බව මට විශ්වාසයයි

මුදල් ඇමති මංගල සමරවීර මහතා මේ ප්‍රකාශය සිදු කළේ ආසියානු සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ෆීජි දූපතේ නාඩිහි පැවැති සාක් කලාපීය මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමේදීය. කුඩා දූපත් රාජ්‍යවල දේශගුණික වෙනස්කම් අවම කිරීමට අයර්ලන්තය ආරම්භ කළ වැඩපිළිවෙළටද ශ්‍රී ලංකාව මෙහිදී සහයෝගය ලබා දුන්නේය.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න