අසූ දෙදාහක කුඩු සොයාගැනේ | දිනමිණ

අසූ දෙදාහක කුඩු සොයාගැනේ

නිමල් රාජපක්ෂ

නාරාහේන්පිට, නාගලගම් වීදිය, කොටුගොඩ හා ගණේමුල්ල කිරිදිවිට යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් අසු දෙදහක් (82000/-) වටිනා මත්කුඩු තොගයක් සමගින් සැකකරුවන් හතර දෙනකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 790 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාර සිංහ මහතා පවසයි.

මෙම වැටලීම්වල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණේමුල්ල, නාරාහේන්පිට, ජාඇල හා කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 හා 30 යන වයස්වල පදංචිකරුවන් බව ද සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.පී.එස් .පතිරණ මහතා පවසයි.

අදාළ සැකකරුවන් ඉදිරියේ දී, මාලිගාකන්ද හා ගම්පහ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.පී.එස් .පතිරණ මහතා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

නව අදහස දක්වන්න