සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවයි | දිනමිණ

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. 
 
ඒ අනුව මේ මස 24 වන දින දක්වා අයඳුම්පත් බාර ගනු ඇත.
 
රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයඳුම්පත් මේ වනවිට තැපැල් මඟින් යොමුකර ඇති අතර අයඳුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් තිබේනම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට දැනුම් දිය යුතු වේ.
 
පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආදර්ශ අයඳුම්පතක් ඉදිරිපත් කර තිබේ.
 
පාසලෙන් අස්වී ඇති අයඳුම්කරුවන්ට පමණක් පුද්ගලික අයඳුම්කරුවෙකු ලෙස විභාගයට ඉල්ලුම් කළ හැකිය.
 
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න