‘නීරෝ’ නමින් ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් | දිනමිණ

‘නීරෝ’ නමින් ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් විසඳුම් සැපයුම් සමාගම වන Arimac විසින් ‘නීරෝ’ නමින් multi-platform ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් දියත් කිරීමට සූදානම් වෙයි. ලොව දක්‍ෂතම සැඟවුණු වෙඩික්කරුවන් 10 දෙනා අතරට නම් කෙරෙන, කීර්තිමත් රණවිරුවකු වන සැඟවුණු වෙඩික්කරු (sniper) රංජිත් ප්‍රේමසිරි මඩලානගේ චරිතයෙන් ‘නීරෝ’ ක්‍රියාන්විතයට නැගෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙසින් දියත්වීමට නියමිත ‘නීරෝ’ ශ්‍රී ලංකා පරිගණක ක්‍රීඩා සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදන කණ්ඩායම පැහැදිළිව දක්වා සිටින පරිදි ‘නීරෝ’ යනු හුදෙක් ප්‍රබන්ධ කතා මාලාවක් තුළින් නැසී ගිය යුද විරුවාට ගෞරවය පිදීමේ අරමුණින් සැකසූවක් මිස යුද්ධය හෝ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ.යට එරෙහි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මානයක් වූවක් නොවූ බවයි. මෙම දියත් කිරීමට සමගාමීව චිත්‍ර කතා පොත් සහ නීරෝ සන්නාම ටී ෂර්ට් හා සමරුභාණ්ඩ ඇතුළු වෙළෙඳ භාණ්ඩ ගණනාවක් නිකුත්වනු ඇත.

 

නව අදහස දක්වන්න