රැල්ල එන තැන | දිනමිණ

රැල්ල එන තැන

රජය අස්ථාවර තත්ත්වයට හා අසීරුතාවයට පත් කෙරෙන වැඩ වර්ජන රැල්ලක් කාලයක සිට නැ‍ඟෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරන ආකාරයක් දක්නට ඇත. විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම වැඩවර්ජන දියත් වෙමින් පවතී. ඉල්ලීම් ඇති තරම් දිනාගත් කණ්ඩායම්ද මේ අතර වන බවක් පෙනෙන්නට ඇත.

දේශපාලන යටිකූට්ටු ව්‍යාපාරයක ‘සෙවණැලි’ මේවායින් දිස්වන අයුරක්ද දැක ගත හැකිය. මෙයින් අසීරුවට පත් වන්නේ කවදත් පීඩනයට ලක්වන පොදු මහජනතාවය. මෙයින්ද අඩු ආදායම්ලාභීන් වඩාත් ම අසීරුවට පත්වෙති.

සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි පොදු මහජනතාවට නිරතුරු අවශ්‍ය වන පහසුකම් මේ වර්ජන රැල්ල හේතුවෙන් වියැකී යාම අවාසනාවකි. දුම්රියේ, බස් රියේ ගමනා ගමනයේ යෙදෙන , රජයේ රෝහල්වලින් නිරතුරු ප්‍රතිකාර පතන පිරිස් ‘කබලෙන්-ලිපට’ වැටෙති. රජයක්, රටක් වශයෙන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදීව තිබෙන මෙම දේශය වර්ජන රැල්ලෙන් බැටකති. ජනතාව බිල්ලට තබාකෙරෙන මෙම අවස්ථාවාදී වර්ජන පොදු මහජනතාවගෙන් බහුතරය අනුමත නොකරති. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ සිංහල දමිළ අලුත් අවුරුදු සමය මේ වර්ජන සඳහා යොදා ගැනීම ඉතාම නින්දිතය. සේවකයන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ගැන අපගේ විරෝධතාවයක් නැත. එසේ වුවද මෙවන් උත්සව සමයක මෙවැනි වර්ජන පැවැත්වීම බොදුනු රටක ජනතාවක් වශයෙන් ආගම් භේදයකින් තොරව අපි හෙළා දකිමු! සිංහල - දමිළ බහුතර ජනතාවක් වසන අප රට තුළ සාමූහික සහජීවනයට උක්ත වැඩ වර්ජන රැල්ල විශාල බාධාවකි. වැඩ වර්ජන කරන ඇත්තෝ මේවා ගැන සිතත්වා!

ඩික්සන් කොංගනීගේ
හිඳගොඩ, රාගම

 


නව අදහස දක්වන්න