ගොඩ­පි­ටියේ නිවාස 400ක් පරී­ක්ෂා­වට | දිනමිණ

ගොඩ­පි­ටියේ නිවාස 400ක් පරී­ක්ෂා­වට

අකු­රැස්ස ගොඩ­පි­ටිය ජුම්මා මුස්ලිම් දේව­ස්ථා­නය අවට ගම්මා­නයේ නිවෙස් හා පුද්ග­ල­යන් දැඩි පරී­ක්ෂා­වට ලක්ක­ර­මින් ගම්මා­නය වටලා විශේෂ සෝදිසි මෙහෙ­යු­මක් පොර්දා (30) අලු­යම ක්‍රියා­ත්මන වුණි. මේ විශේෂ සෝදිසි මෙහෙ­යු­මේදී බස්නා­හිර පළාතේ ලියා­ප­දිංචි කරන ලද සැක­ස­හිත ත්‍රීරෝද රථ­යක් නිවෙ­සක සඟවා තිබි­යදී අත්අ­ඩං­ගු­වට ගැනින. අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනී­මට නොහැකි වූ සැක කට­යුතු පුද්ග­ල­ය­කුද මෙහිදී අත්අ­ඩං­ගු­වට ගත්හ. ගම්මා­නයේ පදිං­චි­ක­රු­වන්ට ගම්මා­න­යෙන් පිටව යාමට නොහැ­කි­වන සේ හා පිට­තින් කිසි­වෙ­කුට හෝ ගම්මා­න­යට ඇතු­ළු­වීම අව­හිර කර­මින් මේ සෝදිසි මෙහෙ­යුම ක්‍රියා­ත්මක කෙරිණි. ගම්මා­නයේ පවුල් 400ක පමණ නිවාස සහ වෙළෙඳ සල් හා දේව­ස්ථා­නද සෝදිසි කෙරිණි. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ජී.එච්. මාර­පන මහ­තාගේ උප­දෙස් මත මාතර සහ­කාර පොලිස් අධි­කාරී උදය කුමාර මහ­තාගේ මඟ­පෙ­න්වී­මෙන් අකු­රැස්ස පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අජිත් නිශ්ශංක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් නිල­ධා­රීන් විශාල පිරි­සක් මේ විශේෂ සෝදිසි මෙහෙ­යු­මට එක්වී සිටි­යහ.

විජිත සල්ගාදු - අකු­රැස්ස මධ්‍යම විශේෂ


නව අදහස දක්වන්න