තහ­නම් සංවි­ධා­න­යක 3ක් දෙහි­ව­ලදී අත්අ­ඩං­ගු­වට | දිනමිණ

තහ­නම් සංවි­ධා­න­යක 3ක් දෙහි­ව­ලදී අත්අ­ඩං­ගු­වට

දෙහි­ව­ලදී සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් මෙරට තහ­න­මට ලක්කළ ඉස්ලා­මීය ත්‍රස්ත සංවි­ධා­න­යක ක්‍රියා­කාරී ප්‍රබල සාමා­ජි­ක­යන් තිදෙ­නෙකු පෙරේදා (02) ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට පමු­ණු­වී­මෙන් පසුව රඳවා තබා ගැනීමේ විශේෂ නියෝග යටතේ අත්අ­ඩං­ගුවේ තබා­ගෙන පරි­ක්ෂණ කට­යුතු සිදු­ක­ර­ගෙන යන බව දෙහි­වල පොලී­සිය පව­සයි.

තහ­නම් සංවි­ධා­න­යක් වන “ජමා­තෙයි මිල්ලතු ඊබ්‍රා­හිම් සෙයි­ලාන් සංවි­ධා­නයේ ප්‍රබල සාමා­ජි­ක­යන් තිදෙනා දෙහි­වල පොලී­සිය විසින් පෙරේදා රාත්‍රී දෙහි­ව­ලදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ විශේෂ කාර්ය බළ­කාය සමඟ එක්ව සිදු­කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­ම­ක­දීය.

මේ වන විටත් ජමා­තෙයි මිල්ලතු ඊබ්‍රා­හිම් සෙයි­ලාන් ඉස්ලාම් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් අත­රින් මාව­නැල්ල හා ගම්පොළ නාව­ල­පි­ටිය ප්‍රදේ­ශ­ව­ලින් අත්අ­ඩං­ගු­වට ගෙන කොළඹ අප­රාධ පරී­ක්ෂණ ‍දෙපාර්ත­මේ­න්තුව තුළ රඳවා තබා­ගෙන ප්‍රශ්න කර­මින් සිටින ප්‍රබල සාමා­ජි­ක­යන් දෙදෙ­නකු (02) මෙම දෙහි­ව­ලදී අත්අ­ඩං­ගු­වට ගත් තිදෙනා පිළි­බ­ඳ­වද තොර­තුරු හෙළි­කර ඇති බවද පොලී­සිය කියා සිටී.

මේ සැක­ක­රු­වන් තිදෙනා (03) අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ­යේ­දෙ­හි­වල කවු­ඩාන හා හිල් වීදිය හා ශ්‍රී මහා විහා­රය යන ප්‍රදේ­ශ­ව­ල­දීය.

මොවු­න්ගෙන් වැඩි­දු­ර­ටත් සිදු­කළ විම­ර්ශ­න­යේදී ඔවුන් විසින් “ෆේස්බුක්” හරහා මෙම සංවි­ධා­නයේ ප්‍රචා­රක කට­යුතු සිදු­ක­ර­ගෙන යමින් “ජමා­තෙයි මිල්ලතු ඊබ්‍රා­හිම් සෙයි­ලාන්” සංවි­ධා­නයේ සාමා­ජි­ක­යින් වශ­යෙන් කට­යුතු කර­මින් දෙහි­වල ප්‍රදේ­ශයේ රැඳී­සි­ටින බව­ටත් ඔවුන් විසින් පිළි­ගෙන ඇති බවද පොලි­සිය වැඩි­දු­ර­ටත් පව­සයි.

මේ අනුව දෙහි­වල ප්‍රදේ­ශයේ එම සංවි­ධාන සාමා­ජි­ක­යන් සමඟ මේ ප්‍රදේ­ශයේ දේව­ස්ථාන ඇතුළු විවිධ ජනා­කීර්ණ ස්ථාන­ව­ලට ප්‍රහාර එල්ල­කි­රී­මට සැල­සුම් සක­ස්ක­ර­මින් සිටි­න්නට ඇතැ­යිද යන සැකය මත මේ තිදෙනා රඳවා තබා­ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු­ක­ර­ගෙන යන බවත් පොලි­සිය පව­සයි.

මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මුදිත පුස්සැල්ල, සහ­කාර පොලිස් අධි­කාරී II සමන්ත වෙදගේ යන මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණ­යෙන් දෙහි­වල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පී.පී. ඉඳු­නිල් මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක රොෂාන් උද­යංග, උ.පො.ප. ප්‍රභාත්, පො. කො 77785 මෙන්ඩිස්, 91475 සංඛ, 33449 සඳ­රු­වන් හා 47932 රංජිත් යන මහ­ත්වරු විසින සිදු­ක­ර­ගෙන යනු ලබයි.

කොළඹ දකුණ සමූහ
ගැමිණී රූපා­නන්ද

නව අදහස දක්වන්න