පොලිස්, හමුදා රැකවරණ මැද ප්‍රදේශ රැසක දිව්‍ය පුජාව පැවැත්වේ | දිනමිණ

පොලිස්, හමුදා රැකවරණ මැද ප්‍රදේශ රැසක දිව්‍ය පුජාව පැවැත්වේ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින දහ හතරකට පසු ඊයේ (05දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල කතෝලික දිව්‍ය පුජාව පැවති බව වාර්තා වේ. දැඩි පොලිස්, හමුදා රැකවරණ මැද මේ දිව්‍ය පුජා පවත්වා තිබේ.

කතෝලික දිව්‍ය පුජා පැවති ප්‍රදේශවල ඇතැම් මාර්ග වසා දැමීමටද පොලිසිය හා ජනතාව පියවර ගෙන තිබිණි. මීට අමතරව දේවස්ථාන වෙත පැමිණෙන බැතිමතුනට ජාතික හැඳුනුම් පත රැගෙන එම අනිවාර්ය කර තිබු අතර ඔවුන් හදුනා ගැනීම සදහාආරක්ෂක හමුදා වලට සහය වීම සදහා දේවස්ථාන මට්ටමින් නියෝජිතයන් පත් කර තිබිණි.

මිට අමතරව ගමන් මලු ඇතුළු භාණ්ඩ රැගෙන දේවස්ථාන වෙත නොපැමිණෙන ලෙසට කල් තියා ජනතාව දැනුවත් කර තිබු අතර එසේ රැගෙන පැමිණි භාණ්ඩ හා ගමන් මලු දැඩි පරික්ෂාවකට ලක් කැරිණි.

මේ අතර හලාවත සාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට හමුදා නිල ඇඳුමට සමාන කලිසමක් හා යට බැනියමක් අැද සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසියේ නිලධාරීන් පියවර ගන්නා ලදී.

පුත්තලම දිසා සමුහ - ප්‍රසාද් පුර්ණමාල්

 

නව අදහස දක්වන්න