සෞදි අරාබියේදී හෂීම්ගේ මස්සිනා අත්අඩංගුවට | දිනමිණ

සෞදි අරාබියේදී හෂීම්ගේ මස්සිනා අත්අඩංගුවට

පාස්කු ඉදිරි ප්‍රහාර මාලාවට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සෞදි අරාබි බලධාරීන් විසින් එරට දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
 
ෂැංග්‍රීලා බෝම්බ පිපිරුම සිදු කළ සහ මෙම ප්‍රහාර මාලාව මෙහෙයවූ බවට සැක කෙරෙන සහරාන් හෂිම් ගේ මස්සිනා ලෙස සැකකෙරෙන මවුලානා රිලා ද අත්අඩංගුවට ගත් දෙදෙනා අතර සිටින බව සදහන් වේ.
 
ඉන්දීය බුද්ධි අංශ විසින් සපයනු ලැබූ තොරතුරු අනුව සෞදි අරාබි ආරක්‍ෂක අංශ විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
 
ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර මාලාවට සමාන අයුරින් ඉන්දියාවේ කේරල හා තමිල්නාඩු ප්‍රදේශවල ප්‍රහාර සිදුකිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම වෙනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි ද වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීම සදහා ඉන්දීය ආරක්‍ෂක කණ්ඩායමක් සෞදි අරාබිය වෙත කඩිනමින් යැවීමට ද නියමිත ය.
 
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් පසු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ප්‍රධානීන් සමඟ ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝකල් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. එහිදී හෝටල්වල ආරක්‍ෂාව තර කිරීමට අදාළව ආරක්‍ෂක ස්කෑනර් යන්ත්‍ර සවිකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

නව අදහස දක්වන්න