වෙසක් උත්සවය සැමරීම පිළිබඳ විශේෂ චක‍්‍රලේඛයක් | දිනමිණ

වෙසක් උත්සවය සැමරීම පිළිබඳ විශේෂ චක‍්‍රලේඛයක්

වෙසක් උත්සවය සැමරීම පිළිබඳ විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.
 
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(06) මහා සංඝරත්නය, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ආරක්ෂ අංශ නිලධාරීන් සහ දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.
 
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
 
මේ අතර වෙසක් කලාප, තොරණ සහ දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට(07) පැවැත්වෙන බව ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
 

නව අදහස දක්වන්න